වහාම ඉන්ධන මිල අඩු කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නියෝගයක්

ඇමරිකානුවන් සඳහා මිල අඩු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉන්ධන සිල්ලර වෙළෙන්දන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දොස් පවරා තිබෙනවා.

සිය Truth Social සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, සිල්ලර මිල ඉතා ඉහළ බැවින් වහාම ඉන්ධන මිල අඩු කළ යුතු බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ ගැලුමකක් ඩොලර් 2.50ක් දක්වා අඩු කළයුතු බවයි.

මේ අතර මිල අඩු කිරීමට අපොහොසත් වන සමාගම්වලට ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted