වසර 2ක් තුළ ඉන්දියාවේ නව දියවැඩියා ආසාදිතයන් මිලියන 31ක්

2019 සහ 2021 අතර කාලය තුළ ඉන්දියාවෙන් නව දියවැඩියා රෝගීන් මිලියන 31ක් හමුවී ඇතැයි නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.

සියලුම ප්‍රාන්ත ආවරණය කර සිදු කළ අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ ඉන්දියාව තුළ බෝ නොවන රෝගව ආසදිතයන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

සමස්ත ජනගහනයෙන් සියයට 15.3ක් (අවම වශයෙන් මිලියන 136ක ජනතාවක්) පූර්ව දියවැඩියා රෝගයෙන් පෙළෙන බව අධ්‍යයනයෙන් හෙළිවී තිබෙනවා.

ගෝආ (26.4%), පුදුචේරි සහ කේරළ (25% කට ආසන්න) ප්‍රදේශවලින් දියවැඩියා රෝගයේ වැඩිම ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්තිය සාපේක්ෂව අඩු වුව ද එම සංඛ්‍යා ඉහළ යා හැකි බවයි අධ්‍යයනය අනතුරු අඟවන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දියවැඩියා රෝගය අන්ධභාවයට, වකුගඩු අකර්මණ්‍ය වීමට, හෘදයාබාධවලට, ආඝාතයට සහ පාද කපා හෝ ඇඟිලි දැමීමට ද ප්‍රධාන හේතුවක් වනවා.

ඉන්දියාවේ දියවැඩියා ව්‍යාප්තිය 11.4%ක් වන අතර ඉන්දියානුවන්ගෙන් 35.5%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා.

ඊට අමතරව උදර ස්ථුලතාවය ජනගහනයෙන් 40% ක් වන අතර කාන්තා උදර ස්ථුලතාවය 50%ක් බව සඳහන්.

පසුගිය වසර හතර තුළ ඉන්දියාව තුළ දියවැඩියා රෝගීන්, පූර්ව දියවැඩියා රෝගීන්, අධි රුධිර පීඩනය සහ උදර තරබාරුකම ඇති පුද්ගලයින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

එමඟින් ඔවුන් බෝ නොවන රෝග සහ ආඝාතය ඇතුළු ජීවිතය වෙනස් කරන රෝග තත්වයන්ට ගොදුරු වන බවයි සැලකෙන්නේ.

ඉන්දියාවේ ජනගහනයෙන් 11%ක් දියවැඩියා රෝගීන් වන අතර 15.3%ක් පූර්ව දියවැඩියා රෝගීන් විය හැකි බව අධ්‍යයනය පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් නැති තරමට මේ ආණ්ඩුව පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා
02:05
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - වැඩක් කරගන්න බෑ
02:55
Video thumbnail
22වන සංශෝධනය පැලවත්තට වාසි, රටට අවාසි
11:08
Video thumbnail
නාමල් හොඳටම බයවෙලා - හීන් දාඩිය දානවා, නරක හීන පේනවා
05:20
Video thumbnail
රන්දෝලි මහා පෙරහැරට පෙර "වාසනා" බුදුන් වඳී..
01:40
Video thumbnail
මල් පැල යවපු එකේ ප්‍රතිඵල - ක්ලීන් ශ්‍රී ලංකා දිවුලපිටියට නැද්ද..?
09:57
Video thumbnail
අඩි 300ක ප්‍රපාතයකට වැටුණු මනුස්සයාගේ දේහය ගොඩගන්න ලොකු මෙහෙයුමක්
02:00
Video thumbnail
ගල්කිස්ස වෙ# තැබීමේ CCTV දර්ශන මෙන්න
01:27
Video thumbnail
අඟුලාන මුහුදේ අතුරුදන් වූ නාවිකයාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි
02:17
Video thumbnail
අපිට පාරේ යන්න බෑ, හැම ඉස්කෝලෙටම කළින් හිටපු යාළුවාගේ නම ගහලා
04:31