වසර 11 කට පසු ශ්‍රී ලංකාවට ලැබුණු වටිනා අවස්ථාවක් ලකුණු පහකින් ගිලිහෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට නවසීලන්ත කණ්ඩායමට ඊයේ (10) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති දෙවන විස්සයි විස්ස තරගය තියුණු තරගයකින් පසු ලකුණු 05කින් පරාජය කරමින්.

ඊයේ පැවති දෙවන තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 03කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් ලකුණු පුවරුවට එක් කළා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 05කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

ඒ, අනුව දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු පහක තියුණු ජයක් සංචාරක නවසීලන්ත කණ්ඩායමට හිමිවුණා.

දෙරට අතර පැවති පළමු 20-20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, උයම් හෙයකින් ඊයේ තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වූවානම් නවසීලන්තයට එරෙහිව වසර 11 කට පසු විස්සයි විස්ස තරගාවලි ජයක් හිමිකර ගැනීමට හැකියාව තිබුණා.

මේ අතර ඊයේ පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයේ වීරයා ලෙස නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට හැකියාව ලැබුණු අතර, තරගාවලියේ වීරයා බවට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සම්මාන හිමකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40