වසර විස්සක් නිදා සිටි ‘සෞදියේ නිදි කුමාරයා’ ජීවිතක්ෂයට

සෞදියේ ‘නිදා සිටින කුමාරයා’ ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අල්වලීඩ් බින් කලීඩ් කුමරු, වසර 20 කට පසු කෝමා තත්ත්වයෙන් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සෞදියේ අල්වලීඩ් බින් කලීඩ් කුමරු සෙනසුරාදා (19) මියගොස් ඇති බවයි.

2005 දී ලන්ඩනයේ සිදු වූ බරපතල රිය අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත්ව දශක දෙකකට පසු මෙම කුමරු මෙලෙස මියගොස් තිබෙනවා.

මිය යනවිය ඔහු 36 හැවිරිදි වියේ පසු වූ අතර, එම වසර තිස් හයෙන් වසර විස්සක්ම කෝමා තත්ත්වයෙන් ඇඳක් මතට වී දිවි ගෙවන්නට ඔහුට සිදුවුණා.

1990 වසරේ අප්‍රේල් මාසයේදී උපත ලැබූ අල්වලීඩ් කුමරු, කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා සහ කෝටිපති ව්‍යාපාරික අල්වලීඩ් බින් තලාල් කුමරුගේ බෑණනුවන් වනවා.

ගෝලීය ඉමාම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඛේදජනක අනතුරකින් පසු වසර විස්සකට ආසන්න කාලයක් පැවති දිගු අරගලයකින් අනතුරුව අභාවප්‍රාප්ත වූ අල්වලීඩ් බින් කලීඩ් කුමරුගේ අභාවය පිළිබඳව සිය අවංක ශෝකය සහ සංවේගය පළකරන බවයි.

අල්වලීඩ් කුමරු එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී අනතුරට මුහුණපාන විට ඔහුගේ වයස අවුරුදු 15ක්.

අනතුරින් මොළයේ බරපතල තුවාල සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති වූ අතර, ඒ හේතුවෙන් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත් වුණා.

පසුව ඔහුව රියාද් හි කිං අබ්දුල්අසීස් වෛද්‍ය නගරයට ගෙන යන ලද අතර, එහිදී ඔහු වසර 20 කට ආසන්න කාලයක් නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර යටතේ ජීවිතාරක්ෂක සහාය මත කෝමා තත්ත්වයෙන් දිවි ගෙවනු ලැබුවා.

වසර ගණනාවක් පුරා කෝමා තත්ත්වයෙන් සිටි අල්වලීඩ් කුමරු, ‘නිදා සිටින කුමාරයා’ ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇඟිලි එසවීම වැනි අවම චලනයන් පෙන්වන ඉඳහිට දර්ශන, ඔහු ගැන අපේක්ෂාවෙන් සිටින අයට කෙටි බලාපොරොත්තුවක් ලබා දුන්නා.

ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥයින් විසින් ඔහුට ප්‍රතිකාර කළ ද, ඔහු කිසි විටෙකත් සම්පූර්ණ සිහිය ලබාගත්තේ නැහැ.

ඔහුගේ පියා වන කලීඩ් බින් තලාල් කුමරු, තම පුතාගේ ජීවිතය බේරා ගැනීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටි අතර, ජීවිත ආධාරක ඉවත් කිරීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කළ ඔහු, මරණයේ මොහොත තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණක් බව පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32