වසර මිලියන ගණනක් ඉපැරණි පිරිසිදු ජල බුබුළක් සහිත පළිඟුවක් හමුවෙයි

වසර මිලියන ගණනක් ඉපැරණි, පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබෙනවා.

ස්වාභාවිකවම චූඩාමාණික්‍යයක හැඩය ගන්නා මේ පළිඟුව කැරට් 110,000ක් තරම් වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පෙන්වා දෙන්නේ.

මිනිස් සිරුරට ප්‍රයෝජනවත් වන කිරණ මේ පළිඟුව පරාවර්තනය, විස්තාරණය, අවධානය, ශක්තිය සම්ප්‍රේෂණය සිදු කරන බවත් ලෙඩ රෝග සුව කිරීම සහ ශරීර මානසික සුවතාව ඇති කරගැනීම සඳහා චිත්තවේගී සහ මානසික යහපැවැත්ම සඳහා මෙම පළිඟුව දෙස බලා සිටීමෙන් වුවද යහපතක් සිදු වන බව පැරැණියන්ගේ විශ්වාසයයි.

රටක සමාජයක සමෘද්ධිය, ආදරය සහ සෞඛයය නංවාලීම සඳහා පොදු ස්ථානයක මහජනතාවගේ දැක ගැනීම සඳහා ප්‍රදර්ශනය කිරීමට සුදුසුම පළිඟුව ලෙස මෙය හැදින්වේ.