වවුනියාව – මාමඩුව පාරේ පිහිටුවා ඇති සූර්ය බල විදුලි උත්පාදන බලාගාරයක් (06) රාත්‍රියේ හදිසියේම ගිනිගෙන තිබෙනවා. අලුතින් සවිකිරීම සඳහා රැගෙන එන ලද සූර්ය පැනල විශාල සංඛ්‍යාවක් හා සවිකොට විදුලි බලය ලබා දෙමින් තිබූ සූර්ය පැනල රාශියක්ම ගින්නෙන් විනාශ වී ඇති අතර වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පිරිස් පැමිණ වහාම ගින්න මැඬ පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
ගින්න නිවාදමන විට සූර්ය බල විදුලි උත්පාදන මධ්‍යස්ථනයේ සුර්ය පැනල හා උපකරණ රාශියකට හානි සිදුව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත













