වවුනියාව බන්ධනාගාරය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන රෝගයක් – සති දෙකකට බන්ධනාගාරය වැසේ

වවුනියාව බන්ධනාගාර රැඳවියන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගයක් හේතුවෙන් බන්ධනාගාරය දින 14කට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්යන්ට සිය ඥාතීන් හමුවීමට අවස්ථාව හිමි නොවන අතර, රැඳවියන් නඩු කටයුතු වෙනුවෙන් රැගෙන යාම ද තාවකාලිකව නවතා දමා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

රැඳවියන් අතර සරම්ප වැනි බෝවන රෝගී තත්ත්වයක් මේ වනවිට පැතිර යන බවටයි තොරතරු වාර්තා වුණේ.

පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාර රැඳවියන්ගේ නඩු කටයුතු වෙනුවෙන් වෙනත් දින ලබාගැනීමට සිදුව ඇති බව ද සඳහන්.

මෙම බන්ධනාගාරය තුළ පවතින සීමිත ඉඩ පහසුකම් හේතුවෙන් රෝග ව්‍යාප්තිය ඉතා ඉක්මනින් සිදුවන බව බන්ධනාගාර නිලධාරීන් පැවසුවා.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ රැඳවියන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53