spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වව්නියාවේ ගණිකා නිවාසයක් වටලා හතරක් පොලිස් අත්අඩංගුවේ

වවුනියාව නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

පොලිසිය පැවසුවේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් බකමුණ හා ඇළහැර ප්‍රදේශවල පදිංචිකාරියන් වන වයස අවුරුදු 30ත් 33 ත් අතර වයසේ පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

මොවුන් සමඟ අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා එහි කළමණාකරු ලෙස කටයුතු කළ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

සැකකරු සන්තකයේ තිබී වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් 12ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් තිදෙනා අද (25) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?