වලනෙන් වගේ ඇවිත් ව්‍යාපාරිකයාගේ ගේ කොල්ලකන්න හදලා – කොල්ලයට කාන්තාවකුත් ඇවිත්

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී ගල්නෑව, පත්තිනගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමට තැත්කළ සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ගල්නෑව පොලිසියට හැකිව තිබෙනවා.

පස්දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු පස්දෙනා අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා වුණේ.

පසුගිය ජුනි මස 25 වනදා රාත්‍රියේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සැකකරුවන් පොලිස් නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී අදාළ නිවසට ඇතුළු වී තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් තමන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයෙන් බවත්, එම නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් මත නිවස පරීක්ෂා කිරීමට පැමිණි බවත් පවසා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව නිවසට ඇතුළු වූ සැකකරුවන් නිවැසියන් නිවස තුළ සිටිය දී දොරගුළු ලාගෙන ඇති අතර, පසුව අදාළ ව්‍යාපාරිකයාට මාංචු දමා රැගෙන යාමටද උත්සාහ කර තිබෙනවා.

මෙම සැකකරුවන් පැමිණි සුදු පැහැති වෑන් රථය නිවසට තරමක් දුරින් නවතා තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට ගමේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් දෙදෙනෙක් කටයුතු කර තිබෙනවා.

වෑන් රථයේ සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු ඒ සම්බන්ධයෙන් නිවස තුළ සිටි කොල්ලකරුවන්ට ඒ පිළිබඳව දුරකථනයෙන් දැනුම් දී ඇති අතර, අනතුරුව කොල්ලකරුවන් පැමිණ එම ස්ථානයෙන් වහාම පළා යාමටයි කටයුතු කර

සැකකරුවන් පැමිණි සුදු පැහැති වෑන් රථයට මඟ පෙන්වීම සඳහා තවත් යතුරුපැදියක්ද පැමිණ ඇති අතර, මෙම යතුරුපැදිය ගල්නෑව, බුල්නෑව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවට පොලිසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාගල්නෑව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී සැකකරුවන් පැමිණි වෑන් රථය හා ඔවුන්ට මඟ පෙන්වූ බව කියන යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ වෑන් රථය කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් වන අතර, එහි වත්මන් හිමිකරු විසින් එය මෑතකදී මිලදී ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෑන් රථයේ වත්මන් හිමිකරුගේ මස්සිනා ඇතුළු පිරිසක් මෙම අපරාධය සඳහා පැමිණ ඇති බවටත්, අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් ඇතුළු පිරිසක් විසින් මෙම අපරාධය සැලසුම් කර ඇති බවටත් පොලිසිය මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මෙම වෑන් රථයෙන් පැමිණි සැකකරුවන් ගල්නෑව, බුල්නෑව ප්‍රදේශයේ නිවසකට පැමිණ, එහිදී පොලිස් නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී මෙම අපරාධය සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරිය කුරුණෑගල, ගල්නෑව, බුල්නෑව සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකාරිය සහ සැකකරුවන් සිව්දෙනා අද (07) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔවුන් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමටයි නියෝග කළේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39