වර්ණවත් ඉනිමක් ගොඩනැගූ මැතිව්ස්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කරගන්නට ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

ඇන්ජලෝ මැතිව්ස්ගේ මෙම අර්ධ ශතකයට පන්දු 70 වැය කර තිබු අතර, හතරේ පහර 06කින් මෙම අර්ධ ශතකය වර්ණවත් උනා.මෙය ඇන්ජලෝ මැතිව්ස්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය ඉදිරියේ ලියැවෙන 37 වැනි අර්ධ ශතක‍යයි.

ඇන්ජලෝ මැතිව්ස් සහ නායක දිමුත් කරුණාරත්න අතරේ මේ වනවිට තුන්වන කඩුල්ල සඳහා ලකුණු 115ක සම්නබන්ධතාවක් ගොඩනැඟී ඇත්තේ, පන්දු 140ක් තුළදීයි