වයඹ මුහුදු තීරයේ මාදැල්වලට ජෙලිෆිෂ් පැටලී මෙන් ධීවරයින් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටි. වයඹ මුහුදු තීරයේ ජෙලි ෆිෂ් සත්ව විශේෂය මේ දිනවල වැඩි වශයෙන් දැකගත හැකි බවයි ධීවරයින් පැවසුවේ.
විෂ සහිත ජෙලි ෆිෂ් ස්පර්ෂ වීමෙන් ශරීරයේ කැසීම් මෙන්ම දැවිල්ලක් ද හටගන්නා අතර පලු දැමීම් පවා සිදුවෙයි.එය ඉතා පිඩාකාරී තත්ත්වයක් බවයි ධීවරයින් පවසන්නේ.
ඔවුන් පවසන්නේ මාරවිල මුහුදුකටුව ආදී මුහුදු තීරවලදී මාදැල්වලට විශාල වශයෙන් මෙම ජෙලි ෆිෂ් පැටලී ඒමෙන් තමන්ට එම කර්මාන්තයේ නියැලීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
