වනිඳු හසරංග පිතිකරණ වාර්තාවක් තබයි

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තුන්වන එක්දින තරගයේදී අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග පිතිකරණ වාර්තාවක් තමන් ඉදිරියේ ලියා ගන්නට සමත් වුණා. ඒ ශ්‍රී ලංකා අංක 8 පිතිකරුවෙකු එක්දින තරගයක දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. වනිදු මේ තරගයේදී ලකුණු අසූවක් රැස්කළේ  පන්දු 60 කට පමණක් මුහුණ දෙමින්. එහිදී වනිඳුගේ පිත්තෙන් හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් වාර්තා වුණා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා ආරම්භක වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර. ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව 2012දී  පන්දු 43 කදී ලකුණු හැත්තෑ තුනක් ලබා ගත්තා. වනිදු සහ අශේන් බණ්ඩාර අතර හත් වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟුණු සම්බන්ධතාව ලකුණු 123ක්. අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55 ක් රැස් කළා.

දෙදෙනාගේ මේ අගනා සම්බන්ධතාවය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව නියමිත පන්දු වාර 50 තුළදී ලකුණු  274ක් දක්වා ඉහලට ගෙන ගියා. මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඵැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3ට බින්දුවක් ලෙසට ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුනා. ඒ දෙරට අතර පැවති අවසන් තරගය කඩුලු 5කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළා. අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ලබාගත්තා.

ධනුෂ්ක ගුණතිලක 36යි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 31ක් රැස් කළා. කෙසේවෙතත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඩැරන් බ්‍රාවෝ ලකුණු 102ක් ලබාගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ද සමගින්. නායක කිරන් පොලාඩ් ලකුණු 53යි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 20යි 20 තරග 3ක් පැවති අතර එම තරගාවලිය ද 3ට බින්දුවක් ලෙසට ජයගත්තේ කොදෙව් කණ්ඩායමයි. ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලිය ලබන 21වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32