වනිඳුට එක්දින තරගාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට ඕස්ට්‍ර්ලියාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ ඔහුගේ පාදයේ ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන්.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවන තරගයට ද එක්වීමේ අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා.

පළමු එක්දින තරගයේ දී වනිඳු පන්දුවාර 09ක් තුළ ලකුණු 58කට ඕස්ට්‍රේලියානු කඩුලු 04ක් බිඳ දැමුවා.

වනිඳුට එක්දින තරගාවලිය අහිමිව යෑම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් බවයි විචාරකයින් පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍ර්ලියා එක්දින තරග ඉතිහාසයේ පැවැත්වෙන 100 වන එක්දින තරගය හෙට (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14