වනවාසල දුම්රිය අනතුර සිදුවූ තැන පාලන සංඥාවේ දෝෂයක් ඇති බව අනතුරට කලින් පැමිණි දුම්රියක රියදුරෙක් දැනුම්දීලා (වීඩියෝ)

වනවාසල දුම්රිය ස්ථානය අසල ඊයේ (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීයාමෙන් අනතුරක් සිදු වුණා.

මෙම දුම්රිය අනතුරට ලක්වීමට පෙර අනතුර සිදුවූ ස්ථානයෙන් තවත් දුම්රිය දෙකක් ධාවනය වී ඇති බව ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ සභාපති ජීවා ගුණවර්ධන පවසනවා.

එලෙස ධාවනය වූ ත්‍රිකුණාමලයේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරුට, දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ පාලන සංඥාවේ යම් දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවයි සභාපතිවරයා අද (17) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

ඒ හේතුවෙන් එම දුම්රියේ රියදුරා විසින් දුම්රිය එම ස්ථානයේ නවතා ඒ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියට දැනුම්දීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එම දැනුම්දීම මත දුම්රිය පාලක මැදිරියෙන් ලැබුණු උපදෙස් මත දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ත්‍රිකුණාමලයේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය එම ස්ථානයේ නවතා තිබීම හේතුවෙන් ඇති වූ ප්‍රමාදය මත, ඊට පසුපසින් පැමිණි කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ද වනවාසල දුම්රිය ස්ථාන අසළ පාලන සංඥාවේ නතරකර ධාවනය කර ඇති බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් එම දුම්රිය දෙකට පසුව පැමිණි අංක 507 දරණ දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සභාපති මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ.

මේ අතර සභාපතිවරයා පවසා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා සංඥා අංශයෙන් යොදවා තිබූ රාත්‍රී මුර සංචාර මේ වනවිට ක්‍රියාත්මක නොවන බවයි.

ඒ, අනුව මෙවැනි දුම්රිය අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් රාත්‍රී මුර සංචාර කටයුතු යළි ආරම්භ කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50