වනවාසල දුම්රිය අනතුර, දුම්රිය මාර්ගයට සිදුකළ හානියක් නිසා සිදුවූ අනතුරක් – දුම්රිය ස්ථානාධිපතිවරුන්

වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නයේ දී අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුර, දුම්රිය මාර්ගයට සිදුකළ හානියක් හේතුවෙන් සිදුවූ අනතුරක් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (16) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති සුමේධ සෝමරත්න මේ බව අනාවරණය කළා.

මෙම මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා සඳහන් කර සිටියේ, දිනෙන් දින දුම්රිය පීලිපැනීම්, අවලංගුවීම් සහ මගීන්ට සිදුවන හානිය වැඩි වෙමින් පවතින බවයි.

ඒ, අනුව මේ වනවිට මගියාට දුම්රියේ ගමන් බිමන් පිළිබඳව බරපතළ ගැටළුවක් පවතින බව සඳහන් කළ සභාපතිවරයා, ඊට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් විසඳුම් ලබාදීමක් සිදුකරන බවට පෙනෙන්නට නොමැති බවයි පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දුම්රියේ ගමන් කරන මගී ජනතාව වෙනුවෙන් ඉදිරියේ දී රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන ලෙසට රජයට යෝජනා කරන බවයි.

  1. ඔය ඇමතියට මෙලෝ දැනුමක් නෑ. කරන කරන දේ fail. එක්කෝ කරන්න පුළුවන් එකෙකුට දීල යන්න ඕනෙ.
    ඉස්සරහට කෝච්චියක යන්න මිනිස්සු බය වෙනවනේ. මොන අපරාධයක්ද මේ ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06