ජනාධිපති අනුර කුමාර දිසානායක (11) දින උදෑසන නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේ දී අවට වතුයායේ වතුකම්කරුවන් හමු වුණා.
ජනාධිපතිවරයා වතුයායට පැමිණීමත් සමඟ වතු කම්කරුවන් ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා.
එහිදී ජනාධිපතිවරයා වතු කම්කරුවන් සමඟ ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් ද විමසා සිටියා.
මේ අතර තමන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කිරීමට වතු කම්කරුවන් මෙහිදී කටයුතු කළා.



















