spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වටේටම කුඩු බෙදූ ‘නින්ජා’ අල්ලයි

මට්ටක්කුලිය සහ ඒ අවට ප්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කාරියක වූ ‘නින්ජා’ නැමැත්තිය හෙරොයින් සහ මුදල් සමඟ අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 08ට ආසන්න හෙරොයින් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 06ට ආසන්න මුදලක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය මට්ටක්කුලිය, හේනමුල්ල කඳවුර (පැල්පත් නිවාස) ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව ඇති අතර, ඇය 42 හැවිරිදි වියේ පසුවන්නියක්.

අත්අඩංගුවට ගත් සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?