වටරැක හිමිනමකට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි සත්‍යග්‍රහයක්

වටරැක, ලීනාවත්ත ආරණ්‍ය සේනාසනයට බලහත්කාරයෙන් කඩාවැදී හිමිනමකට පහරදුන් සැකකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් තවත් හිමිනමක් සත්‍ය්‍රගහයක් ආරම්භ කර තිබේ. 

ඒ පාදුක්ක පොලිසීය ඉදිරිපිටදීය. 

රජයේ බදු ඉඩමක මූලික පිරිවැය යොදමින් ආරණ්‍ය සේනාසනය පිහිටුවනු ලැබීමට අවශ්‍යය මූලික අදියරේ කටයුතු සිදුකිරීමට 2012 වසරේදී  පාදුක්ක ප්‍රදේශයේ දානපතිණියක් ක්‍රියාකර තිබුණි. 

ඇයගේ අභාවයෙන් පසු තවත් පිරිසක් එම ස්ථානය සිය මෙහෙයුම් මැදිරියක් ලෙස පවත්වා ගෙන ගොස් තිබේ.

එවන් පසුබිමක එම පිරිස ඉවත් කිරීමට කටයුතු කර 2019 වසරේ දෙසැම්බර් 2 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් ගමේ දායක සභාව වෙත අදාළ භූමියේ නීත්‍යාකූලව බදු පැවරුම් ගිවිසුම දීර්ඝකාලීනව භාර කර තිබුණේ පාදුක්ක ලීනාවත්ත ආරණ්‍ය සේනාසනයක් පවත්වා ගෙන යාම සඳහාය. 

අද වන විට භික්ෂුන් වහන්සේ 5 නමක් එම ස්ථානයේ වැඩ සිටී. 

මෙවන් පසුබිමක පසුගිය 25 වනදා යළිත් ආරණ්‍ය සේනාසනයට බලහත්කාරයෙන් ඇතුළුවු පිරිසක් නායක ස්වාමින්වහන්සේ නමට පහරදී ‍දේපලවලට හානි කර තිබුණි. 

අදාළ සිද්ධියේදී පහරකෑමට ලක්වූ හිමිනම කලුබෝවිල ශික්ෂණ රෝහලේ මේවන විටත් ප්‍රතිකාර ලබයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගත්  හිමිනමක් ඇප මත මුදා හැර තිබුණි. 

දෙරණ ටිවී
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09