spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වංචනික ක්‍රියාවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

විවිධ වංචනික පුද්ගලයන් විසින් මේ දිනවල ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කර සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු සම්බන්ධයක් නොමැති බවයි නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ලිපි ලේඛන භාවිත කරමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

විවිධ සමාජ මාධ්‍ය හරහා මෙම වංචනික ව්‍යාපාර පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

එවැනි වංචනික ව්‍යාපාරයකට කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන මහ බැංකුව, එවැනි වංචනික ක්‍රියාවලට ගොදුරු නොවන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Central Bank Leaflet
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?