ලෝක සෞඛ්‍ය සංවිධානෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ‘පොසිටිව්’ වීමේ අනුපාතය (TPR) 15.8% ක් බව අනාවරණය කොට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්තාවේ දැක්වෙන පරිදි, අඛණ්ඩව පස්වන සතියටත් ශ්‍රී ලංකාව නව රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බවක් පෙන්නුම් කර ඇත.

පසුගිය සතිය හා සසඳන විට මධ්‍යම පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල නව රෝගීන්ගේ වර්ධනයක් එමගින් අනාවරණය කොට ඇත.

පසුගිය සතිය හා සසඳන විට දකුණු සහ වයඹ පළාත්වල නව රෝගීන්ගේ වර්ධනය 50% ඉක්මවා ගොස් ඇති බව අනාවරණය කොට තිබේ.

32 වන සතියේ වාර්තා වූ නව රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය 57%කි.

දකුණු පළාතේ රෝගීන්ගේ වර්ධනය 13%කි..

බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක පසුගිය සතියේදී මෙරටින් වාර්තා වූ නව රෝගීන්ගෙන් 45% ක දායකත්වයක් ලබා දී ඇත.