ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (30) යෙදී තිබෙනවා.

සමාජ මාධ්‍ය; විනෝදාස්වාද මාධ්‍යයක් පමණක් නොව සහයෝගීතාවයේ, සංවාදයේ සහ සමාජ සම්බන්ධතාවයේ අනිවාර්ය අංගයක් වන බලගතු මෙවලමක් බවට අද වන විට පත්ව තිබීම විශේෂත්වයක්.

මෙමඟින් පෙනී යන්නේ සැබෑ ලෝකයේ සීමාවන් දැන් බොඳ වෙමින් පවතින බවත්, මිනිසුන් ඩිජිටල් ක්‍රම හරහා නව සබඳතා නිර්මාණය කරමින් සහ ප්‍රජාවන් ශක්තිමත් කරමින් සිටින බවයි.

2010 වසරේ දී තාක්ෂණික මාධ්‍ය සමාගමක් වන මාෂබල් විසින් ලෝක සමාජ මාධ්‍ය දිනය ආරම්භ කරන ලද්දේ මිනිසුන් සම්බන්ධ වන ආකාරය සහ ඒ හරහා ඔවුන්ගේ නිර්මාණාත්මක සහජ බුද්ධිය ප්‍රදර්ශනය කරන ආකාරය කෙරෙහි සමාජ මාධ්‍යවල වේගවත් බලපෑම හඳුනාගැනීම වෙනුවෙන්.

එතැන් සිට, සෑම වසරකම ජුනි 30 වන දින මෙම දිනය සමරනු ලබන අතර, එහිදී ජනතාව සමාජ මාධ්‍යවල දායකත්වය අගය කරන අතර එහි ධනාත්මක බලපෑම් ඉස්මතු කරනවා.

දැනුවත්භාවය වැඩි කිරීම, ගෝලීය සංවාදයක් ඇති කිරීම සහ සමාජ වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජ මාධ්‍ය කාර්යභාරයක් ඉටු කර ඇති ආකාරය ඉස්මතු කිරීමට මේ වනවිට මෙම දිනය අවස්ථාවක් කරගෙන තිබෙනවා.

සික්ස් ඩිග්රිස් යනු 1997 දී අන්තර්ජාලයේ දියත් කරන ලද පළමු සමාජ මාධ්‍ය ජාලකරණ වෙබ් අඩවිය වන අතර, පරිශීලකයින්ට විවිධ විශේෂාංග හරහා ඔවුන්ගේ මිතුරන් සහ පවුල් සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසමින් අවසානයේ ට්විටර් (වර්තමානයේ එක්ස්), ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වැනි ප්‍රමුඛ සමාජ මාධ්‍ය වේදිකා සඳහා මග පාදනු ලැබුවා.

සමාජ මාධ්‍ය ආරම්භය පරිගණකය මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ සංකීර්ණත්වයට පත්ව ඇති අතර, 2002 වසරේ දී ෆ්‍රෙන්ඩ්ස්ටර්, 2003 වසරේදි මයිස්පේස් ආරම්භ වීම සහ 2004 වසරේදී ෆේස්බුක් ආරම්භ වීමත් සමඟ තාක්ෂණික ගමන් මඟ ඔස්සේ විවිධාකාර මෘදුකාංග හා යෙදුවම් නිර්මාණය වීමත් සමඟ ලෝකයම එක් ස්ථානයකට එකතු වීමට මේ වනවිට අවස්ථාව උදා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26