ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ යෝජනාවලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය පිළිගත නොහැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පළ වනවා.

ඒ අනුව ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104.1ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 98.51ක් ලෙස සටහන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !