ලෝක රෑ රැජින තරගයේදී පුෂ්පිකාට අදින්න ගවුමක් අරන් දුන්නේ රෝසි සේනානායකද..?

ලෝක විවාහක රූ රැජින කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා ඉදිරිපත් වීම නිසා ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය ඊට යොමු වුණා.

ඇය එම තරඟයේ අවසන් 6 දෙනා අතරට පත්වීම ද ප්‍රේක්ෂකයන් ට සුවිශේෂ කරුණක් වුණා.

නමුත්, ලෝක විවාහක රූ රැජින තරඟයේ 4 වැනි ස්ථානය ඇය බව විවිධ අවස්ථාවල ඇය ම පවසා තිබුණා.

ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඒ පිළිබඳ පවසා තිබුණේ 4 වැනි ස්ථානයක් එම තරඟාවලියේ නැති බවයි.

ඒ අනුව පුෂ්පිකාගේ තොරතුරුවල ඇති අසමානතාව නිසා සමාජය තුළ ඇය කෙරෙහි තිබූ විස්වාසය හා ගෞරවය පළුදු වී යන්නට වුණා.

ඒ සියල්ල අස්සේ පුෂ්පිකාට තවත් චෝදනාවක් එල්ල වුණේ ලොව ප්‍රථම විවාහක රූ රැජින බවට පත් වූ රෝසි සේනානායක හා එක්ව සිදුකළ දුරකථන කතාබහක හඬපටයක් නිසයි.

ඒ සංවාදයට අනුව නම් පුෂ්පිකාගේ 4 වෙනි ස්ථානය රෝසිගේ සැළසුමක්. තව ද, එම හඬපටයේ නිරූපණ ක්ෂේත්‍රයේ නමක් ඇති චන්දිමාල් ජයසිංහ පිළිබඳව ද සඳහන් වෙයි.

මෙම හඬපටය තුළින් පුෂ්පිකා කුමන ආකාරයේ දෙයක් සමාජගත කරන්නට උත්සහ දැරුවා ද යන්න, නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අයෙක්වන විශ්ව පෙරේරා තම ෆේස්බුක් ගිණුමේ මෙවෙනි සටහනක් දමා තිබුණා..

“මම කවමදාවත් ගැහැනියක් ට අපහාස කරන්නේ නෑ. ඒත් ඔයා ගැහැනියකටත් ලැජ්ජාවක් කරන්නේ…

මොකද තමුන්ට අවසාන තරගයට අදින්න අර ඉන්දියන් නාකි මනුස්සයා එවපු ගවුම වෙලාවට ආපු නැති වෙලේ ලොව පලමු ලොව විවාහක රූ රැජින එයාගේ අතින් ඇමරිකන් ඩොලර් 1400ක් වියදම් කරලා අරන් දීපු ගවුම ඇදන් අවසන් 06 නා අතරට ආවේ. තමුන් ඒ දේවල් එකක් වත් මතක නැති ගානට කතා කරන්න එපා.

මොකද තමුන් හැමවෙලේම දෙවියන්වහන්සේ මතක් කරලා කතා කරන නිසා මේ දේවල් අමතක කරන්න එපා…

ඒ වගේම චන්දිමාල් ජයසිංහ තමුන්ගෙන් බලෙන් එයාට ටිකට් දලා දෙන්න කිව්වේ නෑනේ. අනික ඒ මනුස්සයා රටේ පිලිගත් චරිතයක් ඒ මනුස්සයා ට තමුන් ගේ ටිකට් එක ගන්න බැරි තරම් මුදල් අපහසුතාවයක් නෑ.

ඔහොම රටට වැඩක් කරපු මනුස්සයන්ට බොරු චෝදනා කරන්න එපා. තමුන් වගේ කැත හිතක් තියන කෙනෙක් කොහොමත් දිනන්නේ නෑ.

මොන වුනත් චන්දිමාල් තමුන්ට තැනක් හදලා දුන්නා. ඒ නම්බුව වත් තියනවා. මුල අමතක කරලා ජීවත් වෙන ගැහැනුන්ට දෙවියන්ගේම පිහිටයි…….”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09