spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක යුද්ධයක් වත් පටන් ගනීවී ද ?

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කලහොත් ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැණවීමට සිදුවනු ඇති බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අගවනවා.

බටහිර රටවල් ගණනාවක් විසින් රුසියාවට දැඩි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අවස්ථාවක අමෙරිකා ජනාධිපතිවරයා විසින් සිදුකල මෙම ප්‍රකාශය බරපතල බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

යුක්රේන දේශසීමාව ආසන්නයට රුසියානු සෙබලුන් 100,000 කට වැඩි පිරිසක් කැඳවීම හරහා යුක්රේනය ආක්‍රමණයට රුසියාව සූදානම් වන බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් රුසියාව එම ප්‍රකාශ බැහැර කර ඇතත් පිළිගත හැකි නිල ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැහැ.

අමෙරිකාව ඇතුලු බටහිර රටවල් කිහිපයක් විසින් මෙම ගැටලුව උග්‍ර කරමින් සිටින බවටයි රුසියාව චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?