ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින් තීරණය කරන තීරණාත්මක අවසන් දිනය අදයි.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 444ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

තරගයේ සිව්වන දිනය වූ ඊයේ (10) දිනට තරගය නතරකරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය පිළ කඩුලු 03ක් දැවී ලකුණු 164ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව තරගය ජය ගැනීමට නම් ඉන්දීය කණ්ඩායමට තවත් ලකුණු 280ක් රැස්කරගත යුතුව ඇති අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නම් ඉන්දීය ඉනිමේ තවත් කඩුලු 07ක් ලකුණු 280ක් තුළ බිඳ දැමිය යුතු වනවා.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු පිළිට ආරාධනා කළ අතර, ඒ අනුව සිය පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සියල්ලන් දැවී ලකුණු 469ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 296ක් පමණයි.

අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 173ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු ඕස්ට්‍රේලියාව කඩුලු 08ක් දැවී ලකුණු 270ක් රැස්කරගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ, අනුව ලොවක් බලා සිටින මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 444ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා යමින් සිටි ඉන්දීය පිළ කඩුලු 03කට ලකුණු 164ක් රැස්කරගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටින විරාට් කෝලි ලකුණු 44ක් සහ අජින්ක්‍යා රහනේ ලකුණු 20ක් රැස්කරගෙන සිටිනවා.

දෙපිළටම තීරණාත්මක දිනයවන අද දිනයේ දිවා ආහාරයට පෙර කොටස ඉතා තීරණාත්මක වනු ඇති බවයි විචාරකයින් මතපළ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01