ලෝක කුසලාන කාන්තා T20 තරගාවලියේ අවසන් පූර්ව වටය අද

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අද (17) රාත්‍රියේ ආරම්භ වනවා.

මෙවර අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ඇත්තේ ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායම සහ නවසීලන්තයයි.

B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව මෙම කණ්ඩායම 04න් අද දිනයේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු කණ්ඩායම තෝරා ගැනීම සිදු කෙරෙන අතර එහි පළමු තරගය ලෙස ඔස්ට්‍රෙලියාවට එරෙහිව දකුණු අප්‍රිකාව තරග වදිනවා.

එම තරගය රාත්‍රී 7.30ට ඩුබායි හි දී ආරම්භ වනු ඇති.

හෙට (18) දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වෙන අතර ඊට කොදෙව්වන් සහ නවසීලන්තය එක් වනු ඇති.

එම තරගය සාජා හි දී පැවැත්වෙනවා.

මෙම අවසන් පූර්ව වටයේ තරගවලින් ජය ගන්නා කණ්ඩායම් ද්විත්වය ඔක්තෝබර් මස 20 වැනි දින ඩුබායි හි දී රාත්‍රී 7.30ට පැවැත්වෙන 2024 පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එක්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18