ලෝක ක්‍රිකට් කණ්ඩායමට ලංකාවෙන් තේරුණු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනා

මෙවර ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් අගනා ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අද (15) නම් කෙරුණා.

එහි නායකත්වය හිමිව ඇත්තේ පාකිස්ථාන පිලේ නායක බාබර් අසාම්ටයි.

ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.

එහිදී පිතිකරු ලැයිස්තුව අනුව අංක හතරට චරිත් අසලංක නම් කර ඇත්තේ, ඔහු තරගාවලියේදී ලකුණු 231ක්, 46.1ක සාමාන්‍යයක් සහිතව ලබාගැනීම හේතුවෙන්.

පිතිකරු ලැයිස්තුවේ අංක හත ලෙස වනිඳු හසරංග නම් කර ඇත්තේ තුන් ඉරියව්වෙන්ම ඔහු දැක්වූ දස්කම් හේතුවෙන්.

එහිදී විශේෂයෙන් සළකා බලා ඇත්තේ වනිඳු, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 16ක්, ලකුණු 9.75ක සාමාන්‍යයකට ලබාගැනීම නිසයි.

ICC ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සහ එංගලන්ත ක්‍රීඩක ජොෂ් බට්ලර් නම් කර තිබෙනවා.

ඊට ඉන්දීය ක්‍රීඩකයන් කිසිවෙකුත් ඇතුළත් නොවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56