ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා.

“අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි.

වාර්ෂිකව මෙරටින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර, මෙම වසරේ මුල් මාස 06 තුළ HIV ආසාදිතයින් 421ක් මෙරටින් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

පසුගිය වසරේ දී වයස අවුරුදු 15ත් 24ත් අතර HIV ආසාදිතයින් 105 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එය එම වසරේ හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 15%ක ප්‍රතිශතයක්.

HIV යනු වෛරසයක් වන අතර, එහි අවසන් තත්ත්වය හඳුන්වන්නේ ඒඩ්ස් ලෙසටයි.

1988 දී ආරම්භ කරන ලද ලෝක ඒඩ්ස් දිනය ගෝලීය සෞඛ්‍ය සඳහා වූ පළමු ජාත්‍යන්තර දිනය ලෙසයි සැලකෙන්නේ.

HIV සම්බන්ධ නිශ්චිත තේමාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, රජයන්, සිවිල් සමාජ, එකට එක්ව කටයුතු කරනු ලබනවා.

HIV ආසාදිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා HIV ආසාදිත පුද්ගලයන්ට සහාය වීමට සහ ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් මියගිය අයට ශෝකවීමට ජනතාව එක්වන ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22