ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබෙනවා.

ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේ දී ජීනිවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේ දී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත් වුණා.

මෙවරද විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබූ අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටුකිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, කෞතුකාගාර මැද මිදුලේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක විශ්ව කීර්ති ශ්‍රී වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ආදිවාසී ජනතාවගේ ගැටළු ඇතුළත් සංදේශයක් භාරදෙනු ලැබූ අතර සමරු ඵලකයක් ද පිළිගැන් වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ද ආදිවාසී නායකයා වෙත තිළිණයක් පිළිගන්වනු ලැබුවා.

ආදිවාසී ප්‍රජාවගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි කිරීම සඳහා කුටි ඉදිකිරීම ඇරඹීම සහ පාරම්පරික දැනුම සහ දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී ඔසු සබන් “කයිරි” එළිදැක්වීමත්, ආයුර්වේද සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන අවසන් කළ ආදිවාසී කාන්තාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමත් මීට සමගාමීව සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
08:11:23
Video thumbnail
අනුර නන්දලාල්ව හුරතල් කර කර ඔහේ බලාගෙන ඉන්නවා
04:37
Video thumbnail
නාමල් පිල්ලෙයාන් එක්ක කුටු කුටු ගෑවේ මොනවද කියලා කියන්න දැන්..X පණිවුඩ දාලා හරියන්නේ නෑ
03:50
Video thumbnail
සජබේ ලොක්කන්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
10:30
Video thumbnail
අටමස්ථානාධිපතිගේ ප්‍රශ්නය යට ගහන්න කරපු වැඩක්..දිලුම්ගේ ප්‍රකාශය නිසා එම දැරියට අගතියක් වෙනවා..
04:40
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
උතුරට බලය බෙදා දෙයි..?
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12