spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝකේ අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමට පැවැත්වෙන වෙන්දේසිය අද (12) ඉන්දියාවේ බෙන්ගලූරු නගරයේදී පැවැත්විණි.

එහිදී සුවිශේෂ වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය.

වනිඳු ව ලබාගැනීමට කණ්ඩායම කිහිපයක් වෙන්දේසිය ලංසු තබමින් දැඩි සටනක යෙදුණද අවසානයේ ඔහුගේ සේවය මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණි.

ඒ අමෙරිකානු ඩොලර් මිලියන 1.4කටය.

මෙවැනි අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හිමිකරගත් වැඩිම මුදල එය බවද වාර්තා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන වනිඳු, ලොව අංක එකේ 20/20 පන්දුයවන්නා ලෙස සැලකෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?