ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස් හොටු පෙර පෙර අඬමින් සහ දුක කියමින් අළු මතින් නැගිටීමට උත්සාහ දැරීම මේ යුගයේ ලොකුම විහිළුව බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ සී අලවතුවල මහතා පැවසීය.
කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්රීවරයා මෙසේ පැවසුවා
රාජපක්ෂවරුන්ගේ ඒ උත්සාහයට ලෝකයේ හොඳම ලෝක විහිළුවට හිමිවිය යුතු සම්මානය හිමිවිය යුතු බව ඔහු පවසනවා.
ජනතාව නැවත වතාවක් මේ බොරු සෙප්පඩ විජ්ජා වලට නොරැවටිය යුතු බවත් පවසයි.මේ දූෂිත නඩයට නැගිටීමට ජනතාව නැවත වතාවක් ඉඩ නොදෙන බව ස්ථිර යැයිද අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම අද ඒ අය රැස්වීම් පවත්වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මන්ත්රීවරුන්ගේ නිවෙස්වල බවයි ඔහු පවසන්නේ













