ලෝකයම කතා කරන අලුත්ම ප්‍රශ්නය- ලංකාවේ රිළවුන්ගේ ගමනාන්තය චීනයේ සත්වෝද්‍යාන ද ? චීන වැසියන්ගේ පිඟන් ද?

ශ්‍රී ලංකාවේ රිලා ප්‍රශ්නය දැන් අන්තර්ජාතික ප්‍රජාව අතරද කතාබහට ලක්ව ඇත. විදේශීය ජනමාධ්‍ය ආයතන රැසක් විසින්ද ශ්‍රී ලංකාව විසින් චීනයට රිලවුන් ලක්ෂයක් අපනයනය කිරීමට සුදානම් වෙමින් සිටීම ගැන විවිධ ආකාරයේ තොරතුරු වාර්තා කරමින් සිටියි.

ඒ අතුරින් මෙම ප්‍රවෘත්තිය පිළිබඳව හුදු වාර්තාකරණයක් පමණක් නොයෙදී, ඒ පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් ගෙන ඒමට ඉන්දීය යූටියුබ් නාලිකාවක් වන Firstpost කටයුතු කර තිබෙනු දැකගත හැකිවේ. ‘Why China Wants Hundreds of Thousands of Sri Lanka’s Monkeys’ නමින් එළිදක්වා ඇති එම වාර්තාවේ දැක්වෙන සාරාංශගත පැහැදිලි කිරීම වන්නේ පහත අදහසය.

“ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව නැවතත් චීනයත් සමග ව්‍යාපාරික කටයුතු ආරම්භ කරමින් චීනයට රිළවුන් ලක්ෂයක් අපනයනය කිරීමේ සූදානමකින් පසු වෙයි. චීනයේ පවතින සත්වෝද්‍යාන දහසක් සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලක්ෂයක් චීනය විසින් ඉල්ලා තිබීම එක් අතකට විස්මය දනවන ඉල්ලීමකි.

කෙසේ නමුත් චීනය ඉල්ලා සිටි පමණින් එය ඉටු කළ හැකි ඉල්ලීමක් බවට පත්ව නැත්තේ පණ ඇති සතුන් අපනයනය කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්මත වූවක් නොවන බැවිනි. එම නීතිය චීනය හමුවේ පමණක් වෙනස් වන්නට ඉඩක් නැත. මේ ගනුදෙනුවේ මූල්‍ය තොරතුරු ද තවමත් අනාවරණය කොට නැත. දැනට දැනගන්නට ලැබී ඇති ප්‍රවෘත්තිය සත්‍ය නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික රිළා වර්ග නොබෝ දිනකින් චීන සත්වෝද්‍යාන තුළ දක්නට ලැබෙනු ඇත.

මේ වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා රජය වදවීමේ තර්ජනයට ලක් වූ සත්ත්වයන්ගේ රතු ලැයිස්තුවෙන් මේ රිළා වර්ග ඉවත් කරන්නට කටයුතු කළේ ය. නමුත් සොබාදහම සුරැකීමේ ජාත්‍යන්තර සංගමය (International Union for Conservation of Nature – UCN) ශ්‍රී ලංකා රිළවුන් වඳවී යාමේ ලැයිස්තුවට දමා තිබේ. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ රිළවුන්ගේ ගමනාන්තය චීනයේ සත්වෝද්‍යාන ද නැතහොත් චීන වැසියන්ගේ පිඟන් ද යන සැකය පහළ වී තිබේ.

රිළා හෝ වඳුරු මස් යනු සාම්ප්‍රදායික චීන ආහාර වට්ටෝරුවල ඉහළින්ම පවතින ආහාරයකි. රිළා හෝ වඳුරු මස්වල ඖෂධීය ගුණයක් ද පවතින බව චීන වැසියෝ විශ්වාස කරති. රිළවුන්ගේ මොළයෙන් පිළියෙල කරන ආහාර චීනයේ අතිශය ජනප්‍රිය වන අතර එය මිල අධිකය. එවැනි ආහාරයක් ගතහැක්කේ ධනවතුන්ට පමණි. වසර දහස් ගණනක් තිස්සේ චීන ජාතිකයන් ඊළා හෝ වඳුරු මස් ආහාරයට ගත් බව තහවුරු කෙරෙන ලේඛන ඕනෑ තරම් සොයා ගත හැකිය.”

ග්‍රාහකයන් ලක්ෂ දහයකට ආසන්න, යූටියුබ් නැරඹුම් වාර මිලියන 200 ද ඉක්මවා ඇති විමර්ශනාත්මක ප්‍රවෘත්ති යූටියුබ්චැනලයක් මගින් ඉදිරිපත් කරන මේ මතය එකවර ඉවතලිය හැක්කක් නොවේ. එම වාර්තාව ඉදිරිපත් කරන්නේ අන්තර්ජාතික ජනමාධ්‍ය වේදිකාවේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහිත පල්කි ෂර්මා නම් ජනමාධ්‍යවේදිනියයි.

ශ්‍රී ලංකාවේ රිලා ගැටලුව ලෝක මට්ටමට එසේ යද්දී, මෙරටින් පසුගිය දිනවල වාර්තාවූ මෙම කාරණයට අදාළ තොරතුරු කිහිපයක් පිළිබදවද අවධානය යොමුකළ යුතුව ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටින්නේ ලංකාවේ රිළවුන් ලක්ෂ තිහක් පමණ සිටින බවයි. 1976 වසරේදී කළ සමීක්ෂණයකට අනුව මෙරට රිළවුන් ලක්ෂ හයක් පමණ සිට ඇති අතර, ඉන් 2000ක් කඳුකර රිළවුන්ය. රිළවා සහ වඳුරා පොදුවේ ප්‍රිමාටාවන් (Primates) ලෙස හඳුන්වනු ලබයි.

ප්‍රිමාටා විශේෂ අතරින් ලංකාවේ වැඩිම ව්‍යාප්තියක් දැකිය හැකි වන්නේ රිළවුන්ගේය. ලංකාවේ දේශගුණික කලාප අනුව රිළවුන‍්ගේ උප විශේෂ තුනක් දක්නට ලැබේ. වියළි කලාපීය රිළවුන් (Macaca sinica sinica), තෙත් කලාපීය රිළවුන් (Macaca sinica aurifrons) සහ කඳුකර කලාපීය රිළවුන් (Macaca sinica opisthomelas) එම විශේෂයන්ය.

මෙම විශේෂ තුනෙන් එකිනෙකට වෙනස්කම් දක්නට ලැබෙන අතර, එම උප විශේෂ අදාළ කලාපයන්හි පමණක්‌ දක්‌නට ලැබෙන බවත් මෙම සතුන් එම කලාපවලින් වඳවී ගියහොත් එම රිළවුන් ලෝකයෙන්ම තුරන් වනු ඇති බවත් පර්යේෂකයෝ පවසති. එනමුත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂිත සතුන් ලැයිස්තුවට මෙතෙක් රිළවාගේ නම ඇතුළත් කර නැත.

මෙරට රිළවුන් වෙනත් රටකට ලබා දීමට අවශ්‍ය වන නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කළ යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අදාළ සාකච්ඡාවේදී පවසා තිබේ. ඒ අනුව එම කමිටුව පත්කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරින් පත් කෙරෙනු ඇත.

මේ රිලා ගැටලුව පිළිබඳව අදහස් දක්වන පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

“රිළවා කියන්නේ අපිට ආවේණික සත්ව විශේෂයක්. මේ සත්තු චීනයට යවනවා නම් මුලින්ම දැනගතයුතු දේ තමයි මොකටද යවන්නේ කියන කාරණය. කොහොම වුණත් මේ සතුන් වාණිජ පරමාර්ථවලට යවන්න බෑ. සත්තු වත්තකට යවනවා නම් ලක්ෂ ගණනින් රිළව් මොකටද සත්තු වත්තකට? අනිවාර්යයෙන්ම මේ සත්තු සමහරවිට පර්‌යේෂණ කටයුත්තකට හෝ වෙනත් කාරණයකට ගෙනියනවා වෙන්න පුළුවන්. ලංකාවේ රිළව් ලක්ෂ 30ක් ඉන්නවා කියලා කියනවානේ. එම ගණන් හිලව් කියන අයගෙන් අපි ඉල්ලා සිටිනවා.ඒ කරපු සමීක්ෂණයේ දත්ත අපිට බලන්න දෙන්න කියලා.මම නම් හිතන්නේ නෑ රිළවු ලක්ෂ 30ක් ලංකාවේ ඉන්නවා කියලා. සමහර පළාත්වල රිලා ගහණය ප්‍රශ්නයක්. වියළි කලාපයේ ජීවත්වන රිළා විශේෂයේ වැඩිවීමක් තිබෙනවා. හැබැයි එහෙම කියලා ඒ කාරණය පොදුවේ ලංකාවටම ගන්න බෑ. සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ රිළවුන්ගෙන් ලක්ෂයක් රට යවපු ගමන් ප්‍රශ්නය විසඳෙනවා කියලා. ඒක මෝඩ මතයක්’’.

මේ අතර වනජීවි හා ස්වභාව ආරක්ෂණ සංගමය හා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, චීනයට යවන රිළවුන් පර්‌යේෂණ සඳහා යොදා ගැනීමේ අවදානමක් පවතින බවයි. රිළවුන්ගේ පවතින මානව ගුණාංග හේතුවෙන් චීනය පමණක් නොව ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් සිය විද්‍යාගාර පර්‌යේෂණ කටයුතු සඳහා රිළවුන් යොදා ගනී. මෙලෙස සතුන් සත්වෝද්‍යානවලට වඩා පර්‌යේෂණවලට ලබාදීමෙන් ඉහළ ආදායමක් ලැබෙන බව පරිසර සංවිධාන එකමුතුව පවසයි.

“2022 වසරේදී කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කළේ වගා හානි බරපතළ වුවත් රිළවුන් මැරීමට අවසර නොදෙන බවයි. එනමුත්, මෙරට බලධාරීන් දැන් අදහස් කරන්නේ රිළවුන්ට වධ හිංසා පමුණුවා මරා දැමීම සඳහා චීනය තුන්වැනි පාර්ශ්වයක් ලෙස යොදා ගැනීමටද?’’ යැයි පරිසර සංවිධාන එකමුතුව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම සියලු පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සැලකිල්ලට ගැනීමේදී දැකගත හැකි එක් දෙයක් ඇත. එනම් ශ්‍රී ලංකා කෘෂිකර්ම ඇමතිවරයා මෙම රිලා ගැටලුව නිර්මාණය කර ඇත්තේ, ඒ සඳහා වන කිසිදු දැනුවත්භාවයකින් නොවන බවයි. මේ මොහොතේ රට මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ චීනයට ගෙවිය යුතු ණය වෙනුවෙන් සහනයක් ලබාගැනීම රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබේ.

ඒ නිසා වසරක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට චීනය පසුපස ආයාචනා කරමින් යන්නට සිදුව තිබේ. දැන් චීනය විසින් ප්‍රයෝජනයට ගනු ලබන බව පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මෙම අසරණභාවයයි. ඒ අනුව මෙවැනි ‘රිලා ප්‍රශ්නයකදී’ වුවද ශ්‍රී ලංකාවට කැමැත්ත ලබාදීම හැර වෙනත් කළහැකි දෙයක් නැති බව චීනය හොඳින් දනී. ඒ අනුව රිලා ගැටලුවේ අගමුල ලිහාගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බව පෙන්වාදිය යුතුය.

  1. wanduro lakshayak eka shipment eke yawanne nahe. ehema yawwath wanduro lakshayak chinnunge eka welakata madhi billion 1.4+ ganak kanna inna nisa. mus noweyi wandurekuge eka myila ganeunath bedanna amaruyi. ehe zoo 1000 wada thiyenawalu. ithin ewata ona athi oya ganana. okkoma kudu wala display danne nahe. kotasak bo karanna wen karala thiyanawa. anna ehema laksha ganaka bo kara gaththayin passe kanna ganiyi. cheena kanne naththe rocket ekayi, foot cycle ekayi witharayi kiyala kathawa mama ahala thiyenawa. foot ccle eka unge pradhana prawahana madhya. rocket eka unge anagathaya. ape musala deshapulwo okkoma kala horakam karala wikunala iwarayi.

  2. බුද්ධ දර්මය අදහන අපි කොහොමද තවත් ප්‍රාණයක් විනාශ කරන්න උදව් කරන්නෙ. ස්වභාව ධර්මය ගස් වැල්, දිය ඇලි , සතා සිව්පාව හදල තියෙන්නෙ එක එක මන්ද මානසික මිනිස්සුන්ගෙ ආශාවන් ඉශ්ඨ කරන්න නෙවි. ඒ සත්තුන්ට කතා කරන්න බැරි උනාට අපට දැනෙන වේදනාව ඒ සතුන්ට දැනෙනව. අපියි කැලැ එලි කරල ඔය හැම සතෙකුගේ ම සතුරා වෙලා තියෙන්නෙ. එහෙනම් මිනිස් වර්ගයා බෝ කිරීමත් නැවැත් විය යුතුයි. කොහොමද මිනිස්සු මේ තරම් තිරිසන් දේ කරන්නෙ? චීන්නු මේ සත්තු පණ පිටින්ම තමයි මොලේ කෑමට ගන්නෙ.. හිතන්න අපට පොඩි සීරීමෙන් උනාම කොහොමද වේදනාව කියල? මේ පව් කාර වැඩේ නවත්වන්න..😭😭🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18