ලොව පුරා චීන ජාතිකයින් සිය නව අවුරුදු උදාව සමරයි (වීඩියෝ)

චීන ලිත් ක්‍රමයට අනුව නයාගේ වසර ලෙස හැඳින්වෙන 2025 නව වසරේ උදාව හෙවත් වසන්ත උත්සවයේ ආරම්භය සැමරීම අද (28) රාත්‍රියෙන් ආරම්භ වුණා.

ඒ හෙටින් (29) උදාවන චීන නව වසර පිළිගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන “වසන්ත උත්සව ගාලා” ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් (අද) රාත්‍රී 8ට ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරීමත් සමඟයි.

චීන සංස්කෘතියට අනන්‍ය වූ චමත්කාරයන්ගෙන් සපිරි මෙම සුවිශේෂී වසන්ත උත්සව ප්‍රසංගයත් සමඟයි ඔවුන් සිය නව වසර පිළිගනු ලබන්නේ.

අති නවීන තාක්ෂණික ප්‍රයෝග සමඟින් විචිත්‍රවත් වූ දැවැන්ත වේදිකාවන් හි රඟ දැක්වෙන අංග රැසකින් සමන්විත මෙම ප්‍රසංගය, වසන්ත උත්සවය සහ චීන සංස්කෘතියේ අසිරිය පිළිබඳ නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලොවට සමීප කිරීම විශේෂත්වයක්.

ලොව 200කට අධික ර‍ටවල් හා කලාපයන් හි 3000 ඉක්ම වූ මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය කෙරෙන මෙම “වසන්ත උත්සව ගාලා ප්‍රසංගය” ලොව වැඩිම ප්‍රේක්ශක පිරිසක් නරඹන ලද අලුත් අවුරුදු සංස්කෘතික හා කලාත්මක වැඩසටහන බවට ද වාර්තා අතරට එක්ව තිබෙනවා.

මෙහි ඇති ඓතිහාසික වටිනාකම නිසාවෙන්ම පසුගිය වසරේ දී මෙම චීන වසන්ත උත්සවය අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ද ඇතුළත් කෙරුණා.

ඉන් අනතුරුව පැවැත්වෙන පළමු වසන්ත උත්සවය මෙය වීම මේ වසරේ චීනයට තවත් සුවිශේෂී අවස්ථාවක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26