spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොවක් ආදරය කරන ජස්ටින් බීබර්ට අංශභාගය

ලෝක ප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් මුහුණේ අර්ධ අංශභාගයෙන් පීඩා විඳින බවට තොරතුරු වාර්තා වනවා.

ජස්ටින් බීබර් පවසන්නේ තමන්ගේ මුහුණේ දකුණු පැත්ත මේ වනවිටත් අකර්මණ්‍ය වී ඇති බවයි.

පැවැත්වීමට නියමිතව තිබූ තමන්ගේ ඉදිරි ප්‍රසංග කල් දැමීමට සිදුවූයේ මෙම හේතුව නිසා බවයි බීබර් තම රසිකයන්ට පවසා සිටියේ.

යළිත් සුව අතට පත්වන තුරු ඔහුගේ සංචාරය කල් දැමූ බව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එකරමින් බීබර් පවසා තිබෙනවා.

සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා මුහුණේ ව්‍යායාමවල නිරත වන නමුත් යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි තමා නොදන්නා බවයි බීබර් වැඩිදුරටත් පවසා සිටියේ.

28 හැවිරිදි ජස්ටින් බීබර් ලබන ඔක්තෝම්බර් මාසයේ දී ඉන්දියාවේ දිල්ලි නුවර ද ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?