ලොරි රථයක් නිවසකට කඩා වැදී 06 හැවිරිදි දරුවෙක් මරු වැළඳගනී (ඡායාරූප)

පැලවත්ත – නෙළුව මාර්ගයේ 09 කණුව ප්‍රදේශයේ දී ඊයේ (07) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි නිවසකට කඩාවැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහි දී නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී සිටි කුඩා දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මියගිය දරුවා යට්ටපාන, 09 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 06 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායකයා මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තිනියාවල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

thhiniyawala accident child death 2 2
thhiniyawala accident child death 3 1
thhiniyawala accident child death 4 2
thhiniyawala accident child death 5
thhiniyawala accident child death 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44