ලොකු පැටීගේ සහෝදරයාට වෙඩි තැබූ සිද්ධියේ අවශ්‍යකර සිටි සැකකරුවෙක් අල්ලයි

අහුංගල්ල පොලිස් වසමේ ලෝකන්වත්ත කනත්ත අසල දී පෙරේදා (16) ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (17) රාත්‍රියේ කොස්ගොඩ පොලිස් වසමේ හෑගල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සිදුකළ එහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 760ක් සොයාගෙන ඇති අතර, සැකකරු අහුංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අවුරුදු 45 ක් වන පිටිගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

අපරාධ කල්ලි සමජිකයෙක්වන ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා ගමන් ගත් ත්‍රිරෝද රථයට පෙරේදා (16) මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, එහිදී පොඩි පැටී නැමැත්තාට හානියක් සිදුව තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56