ලේ වැගිරුණු ටියනන්මෙන් චතුරශ්‍රය මෙම වසරේ නිහඬයි

වර්ෂ 1989 දී සති ගණනක සිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් චීනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා මාලාව ඉතාමත් අමානුෂික අන්දමින් මර්දනය කළ දිනය ජුනි මස 3-4 යන දෙදින ලෙස ඉතිහාසයේ ලියැවී තිබෙනවා.

නමුත් මෙවර චීන මාධ්‍ය වාර්තා කරන්නේ එම මර්දනයන් සිදු වූ ටියනන්මෙන් චතුරශ්‍රය අවට දැඩි ආරක්ෂාවක් තර කර තිබුණ ද කිසිදු සැමරුමක් සංවිධානය කර තිබුණේ නැහැ.

චීන රජය පවසන්නේ ජුනි 03 හා 04 යනු සතියේ සෙසු දිනයන් මෙන් සාමාන්‍ය වූ දිනයන් බවත් විශේෂ සැමරීමක් සිදු කිරීම අනවශ්‍ය බවයි.

මෙම නිහඬතාව වත්මන් චීන රජය ඉතිහාසය යටපත් කිරීමේ හැකියාවක් පෙන්නුම් කරවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොහෝ චීන ජාතිකයින්ට, චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා අවසන් කළ මර්දනයක 36 වන සංවත්සරය සතියේ සාමාන්‍ය වූ දිනයක් ලෙස ගෙවී යාම දැකීම කොමියුනිස්ට් පාලක රජයේ අවශ්‍යතාවක් බව ද මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.

1989 දී සති ගණනක් ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා මර්දනයට එවකට නායක ඩෙන් ෂියාඕපින් යටතේ, ජුනි 3-4 රාත්‍රියේ විරෝධතාව අවසන් කිරීම සඳහා හමුදාව යොමු කෙරුණු අතර එහිදී දහස් ගණනක් සිසුන් සහ සොල්දාදුවන් උණ්ඩයට බිලි වී මියැදුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14