ලේකම්වරියට බාධා කළ මතුගම සජබ සභාපතිට ඇප

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය වන නෙළු නිශාන්ති ඉද්දගොඩගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මතුගම පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහට ඇප නියමව වී තිබෙනවා.

ඒ අනුව අද (08) ඔහුව ලක්ෂ 05 ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබා දීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් M.N.M.නානායක්කාර මහත්මිය නියෝග කළා.

මෙම නඩුව යළිත් ලබන 26 වෙනිදා කැඳවීමට නියමිතයි.