ලීසිං නොගෙවූ වාහන අත්පත් කර ගැනීම ගැන විශේෂ චක්‍රලේඛයක්

කල් බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී වාහනයට අදාළ වාරික මුදල් ගෙවා නොමැති බවට පවසමින් මහ මගදී ජනතාව බිය වද්දමින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට නීතියෙන් කිසිදු බලයක් නොමැති බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පවසනවා.

විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමිනුයි ඔහු මේබව ප්‍රකාශකර ඇත්තේ.

පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත, ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ජනාධිපති වෘත්තීයස මිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනුයි.

පසුගිය කොරෝනා සමයේ බැංකු මගින් විවිධ ණය ලබාගත් සහ කල් බදු ක්‍රමයට වාහන මිලට ගත් ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව සහනදායී ගෙවීම් ක්‍රම හඳුන්වා දුන්න ද බොහෝ කල්බදු සමාගම් එම ක්‍රියාදාමයට පටහැනිව යමින් අසාධාරණ ලෙස වාරික අයකිරීම් සිදු කළ අතර මෙමගින් ජනතාව දැඩි අසීරුතාවට පත්වුණා.

මෙම සිදුවීම්වලට අදාළව පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ බදු දීමනාකරු හෝ ඔහුගේ බලය පැවරුණු නියෝජිතයා විසින් පූර්ව දැනුම්දීමක් කර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින විට සාමය ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදිය යුතු බවයි.

එහිදී වාහන අත්පත් කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමක් සිදු නොවිය යුතු බවට ද අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා. එමෙන්ම අදාළ වාහනය හෝ උපකරණය ලබා ගැනීමට බදු දීමනාකරුට හැකියාව ලැබෙන්නේ බදු ගැණුම්කරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව ද එම චක්‍රලේඛයේ සඳහන්.

වාහනය ලබා ගැනීමේදී විරෝධතාවක් එල්ල වන විට ලීසිං හෝ කල්බදු ආයතනය විසින් සිදු කළ යුතු වන්නේ දිසා අධිකරණය ඉදිරියේ නඩුවක් පවරා ගැනීමයි.

බදු දීමනාකරු හෝ ඔහුගේ නියෝජිතයා විසින් මෙම ප්‍රතිපාදනවලට පටහැනිව ක්‍රියා කිරීම වරදක් වන අතර ඒ පිළිබඳ දඩුවම් ද නියම කළ හැකියි.

මෙම චක්‍රලේඛයේ නියෝගවලට පටහැනිව වාහන හෝ උපකරණ අත්පත් කර ගත් අවස්ථාවලදී ඒ පිළිබඳ වාහන හිමිකරුවන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවට ද වාර්තා වී ඇති අතර මින් ඉදිරියට එලෙස ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළ යුතු බවටත් එම පැමිණිලි භාරගෙන නිසි විමර්ශනයක් සිදු කර නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවටත් පොලිස්පතිවරයා අවධාරණය කර තිබෙනවා.

S 01
S 02
S 03
S 04
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52