ලාෆ් ගෑස් විතරයි හිඟ, අනියත බියක් ඇතිකරගන්න එපා – පාරිභෝගික අධිකාරියේ සභාපති

ලාෆ් ගෑස්වල හිඟයක් මේ වනවිට වෙළඳපොළේ පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එමෙන්ම එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ ලිට්‍රෝ ගෑස්වල හිඟයක් නොමැති බවයි.

ඒ, අනුව සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ලිට්‍රෝ ගෑස් තොග රැස්කර ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

අවශ්‍යවන තරම් ගෑස් තොග ලිට්‍රෝ සමාගම පවතින බව සඳහන් කළ සභාපතිවරයා උපරිම ධාරිතාවයෙන් ගෑස්‌ වෙළඳපොළට නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කරන බවත් සඳහන් කළා.

ලාෆ් ගෑස් හිඟයත් සමඟ එම ගෑස් වර්ගය භාවිත කරමින් සිටි ඇතැම් පාරිභෝගිකයින් ලිට්‍රෝ ගෑස්වලට මාරුවීමත් සමඟ එම ගෑස්වලට විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව ගෑස් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගන්නා ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර ගෑස්‌ තොග අනවශ්‍ය ලෙස රැස්කරගෙන සිටින සහ වැඩි මිලට ගෑස් අලෙවිකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් වැටලීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම ලාෆ් ගෑස් තොග රැගත් නැව ලබන 25 වනදා වනවිට දිවයිනට පැමිණෙනු ඇති බවත්, ඒ අනුව ලබන 26 වනදා සිට ලාෆ් ගෑස් වෙළඳපොළට සැපයීමට එම සමාගම සූදානමින් සිටින බව අදාළ සමාගම දැනුම් දුන් බවයි සභාපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11