spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත්, ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට පියවර නොගන්නා බව එම සමාගම පවසනවා.

ඒ, අනුව මෙම මස තුළ ගෑස් මිලේ වැඩිවීමක් සිදුනොවන අතර, පෙර පැවති මිලට ම පාරිභෝගිකයින්ට ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතින බවයි ලාෆ්ස් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී නිරෝෂන් ජේ පීරිස් සඳහන් කළේ.

මේ වනවිට වෙළඳපොළේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3985.00කටත් කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරය රුපියල් 1595.00කටත් අලෙවි වනවා.

මේ අතර පසුගිය 04 වනදා සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?