ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට විශේෂ ගැසට් නිවේදනයක්

අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය විසින් කළ ඉල්ලීමක් පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 18 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙය ප්‍රකාශයට පත් කර තිබුණා
.
ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස කථානායකවරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දී තිබෙනවා.

Screenshot 2025 12 13 100402