ලබන සතියේ සිට හිඟවෙන දෙයක් ගැන අනතුරු අඟවයි

ඩොලර් හිඟය නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි වීමෙන් ලබන සතියේ සිට යළි ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට ගෑස් සමාගම් අනතුරු අඟවයි.

ලාෆ් ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි හතරක් විවෘත කිරීමට සූදානම් වුවද වාණිජ බැංකු ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැත. ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ නැංවීමත් සමග දෛනිකව විවිධ ප්‍රමාණවලින් යුත් ගෑස් සිලින්ඩර තිස්දහසක් පමණ වෙළෙඳපොළට නිකුත් කරයි.

මාසයක පමණ කාලයක් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දහඅටක් පමණ හිස් වී තිබේ.

මෙම සිලින්ඩර පිරවීම සඳහා කඩිනමින් ගෑස් ආනයනය කිරීමට ඩොලර් ලැබිය යුතු බව ගෑස් සමාගම සඳහන් කරයි. මේ අතර ලාෆ් ගෑස් සිලින්ඩර මිල රුපියල් 450කින් යළි වැඩි කිරීම සඳහා සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කළ ඉල්ලීමක් සිකුරාදා (10 වැනිදා) ප්‍රතික්ෂේප කර තිබේ.

ලිට්රෝ ගෑස් සමාගමට ද ගෑස් මිල ඉහළ නැංවීමට ඉඩ නොදීම හේතුවෙන් රුපියල් බිලියන අටක පමණ පාඩුවක් මේ වන විට සිදුව ඇති බවද සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37