ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන තීරණය අද

ලබන සතිය තුළ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (09) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (08) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත් වුණා.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍යංශ නිලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් එක්ව සිටියා.