ලකුණු ගැහුවත් නැතත් අපිට සල්ලි එනවා. දැන් ගොඩක් අය සෙල්ලම් කරන්න එහෙමයි

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා බංගලදේශය පළමු පළමු ටෙස්ට් තරගය අතරතුර මුහුණු පොතේ එක්තරා ක්‍රිකට් රසිකයෙක් එලෙස සටහනක් දමා තිබුණි. ඇත්තටම ඔහු තවමත් ක්‍රිකට් ගැන තිබූ ආසාව නිසා හිතේ තිබුණු දුකට එම සටහන දමා ඇති බව හොඳ ආකාරයෙන්ම පෙනේ.

එය සත්‍යයකි. තවමත් ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ පිරිසක් මෙරට සිටිති. එලෙස ජනතාව ක්‍රිකට් වලට ආදරය කළත් වර්තමානයේ බහුතරයක් ක්‍රීඩකයන් ක්‍රිකට්වලට ආදරයක් නොදක්වති. එය වර්තමානයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ ක්‍රියාකලාපයන් අනුව මනාව පිළිබිඹු වේ.

 පසුගිය සතියේ අප මාතර ප්‍රදේශයේ පැවති සාදයකදී තරුණියකට අයිති යෝජනාවක් ගෙනා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ගැන සඳහන් කළේය. යට ගැසී තිබූ එම ක්‍රියාව සත්‍ය බව හෙළි වූයේ අප කළ හෙළිදරව්වෙන් පසුවයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගෙන් කට උත්තරයක්ද ලබා ගෙන තිබේ.

 ඇත්තටම ඔහු අපට සිටින දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුගේ විනය විරෝධී ක්‍රියාකලාපයන් නිසා මීට පෙර අවස්ථාවකදීද විදෙස් තරුණියක් සමග ඔහු ආරවුලක් ඇතිකර ගත්තේය. අවසානයේ එය නැවතුනේ ජාත්‍යන්තරයට පවා ගොසින්ය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නාමයටද කළු පැල්ලමක් එකතු විය. එයින් පාඩමක් ඉගෙන නොගත් මෙම ක්‍රීඩකයා යළිත් බීමතින් එවැනිම වරදක් සිදු කළේය.

 පසුගිය කාලය තුළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරිය සමඟ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනකු ලිංගික සම්බන්ධතා පැවැත්තුවේය. එම අවස්ථාවේදී දකුණු පළාතෙන් බිහිවූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු තරගයක් පවතින අතරතුරද එම වෛද්‍යවරයා සමග ලිංගිකව එකතු වූ බවට චෝදනා එල්ල විය.

 අවසානයේ සිදුවූයේ වෛද්‍යවරිය එම තනතුරින් පහ කිරීම පමණි. එම සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයන්ට විරුද්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ නිලධාරීන්ට නොහැකි විය.

  ජාත්‍යන්තර තරග දෙක තුනක් ක්‍රීඩා කර ප්‍රසිද්ධ වන සමහර ක්‍රීඩකයන් සිදුකරන්නේ නිළියන් සමඟ අනියම් සම්බන්ධතා ඇති කර ගැනීමයි. එලෙස අනියම් සම්බන්ධතා ඇතිකර ගන්නා ක්‍රීඩකයන් පුහුණුවීම් කටයුතු පසෙක දමා එම නිළියන් සමග රාත්‍රී සමාජ ශාලාවල මත්පැන් පානය කරමින් රැය පහන් කරයි. ඉන්පසු ඔවුනට තරග පුහුණුවීම් සඳහා මිඩංගු කිරීමට කාලයක් ඉතිරි නොවේ.

 සුපිරි දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනකුම එලෙස නිළියන් සමඟ අනියම් සම්බන්ධතා ඇති කර ගැනීම නිසා දැනටමත් තම ක්‍රිකට් ජීවිතය විනාශ කර ගෙන තිබේ. පසුගිය කාලවකවානුව තුළ ප්‍රසිද්ධ මාධ්‍යයේද ඔවුන්ගේ ක්‍රියා කලාපයන් විනාශ කර තිබුණි. එලෙසම සමහර නිළියන් තමන් සමඟ අනියම් සම්බන්ධතා පැවැත්වූ ක්‍රීඩකයන්ගේ නම් ප්‍රසිද්ධියේ හෙළි කර තිබුණි.

 තවද පුරුද්දක් වශයෙන් රාත්‍රි සමාජ ශාලාවල ගැවසෙන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක්ද සිටිති. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වනුයේ සතියකට දින කිහිපයක් හිත මිතුරියන් සමග රාත්‍රි සමාජශාලාවල ගත කිරීමයි.

 එලෙස බහුලව රාත්‍රි සමාජ ශාලාවල ගතකරන ක්‍රීඩකයෙකු සහ මිතුරකු අතර දිනක් මෙවැනි සංවාදයක් ඇතිවී තිබුණහ.

 ‘‘හැමදාම ක්ලබ් ගියාම කොහොමද ප්‍රැක්ට්ටිස් කරන්නේ.”

 ‘‘ඒක අවුලක් නෑ බං. මම නමට විතරයි ප්‍රැක්ට්ටිස් කරන්නේ.”

 ‘‘යකෝ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් නේද?”

 ‘‘ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් කියලා නොකා නොබී ඉන්නද කියන්නේ.”

 ‘‘මම එහෙම කියන්නේ නැහැ. මුල්තැන ක්‍රිකට්වලට දෙන්න කියලා කියන්නේ.”

 ‘‘එහෙම දුන්නෙ ඒ කාලේ ක්‍රීඩකයන්.”

 ‘‘ලකුණු ගැහුවත් නැතත් අපිට සල්ලි එනවා. දැන් ගොඩක් අය සෙල්ලම් කරන්න එහෙම තමයි.”

 ‘‘උඹලා මෙහෙම කරන නිසා තමයි ක්‍රිකට් වළ පල්ලටම ගිහිල්ලා තියෙන්නෙ.”

 ‘‘එහෙම කියන්න එපා. මේක අපේ වරදක් නෙවෙයි. හැමතැනම වැරදි තියෙනවා.”

 ‘‘මෙහෙම ගියොත් අපේ ක්‍රිකට් නැත්තටම නැති වෙනවා ටික කාලෙකින්.”

 ‘‘කරන්න දෙයක් නැහැ. බොරු කියන්න ඕනෑ නෑ මම නම් හම්බකරගෙන තියෙන්නේ.”

 ‘‘එහෙම කියලා හරි යනවද බං. කොච්චර මැච් පැරදුනත් තවම ක්‍රිකට්වලට ආදරය කරන අය ඉන්නවා.”

 ‘‘එහෙම කියලා මට තනියම උඩු ගම් බලා පීනන්නද කියන්නේ.”

 ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයා සහ එම මිතුරා අතර ඇතිවූ එම කතාවෙන්ම පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල වර්තමාන තත්ත්වය.

 බමන මතින් හෝ එම ක්‍රීඩකයා පවසා ඇත්තේ සත්‍යයකි. වර්තමානයේ බහුතරයක් ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම් නොකරති. ශරීර සෞඛ්‍ය ගැන නොසිතති. පුහුණුවීම් නොකරති. විනය විරෝධී ක්‍රියාවන් සිදු කරති.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් නැතිවීමට වගකිවයුතු නිලධාරීහු පිරිසක්ද සිටිති. ආගම්, නිලධාරිවාදය සහ තවත් නොයෙක් විසබීජ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළට ගෙන එමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නැති කිරීමට පළමු අඩිතාලම දැමුවේ එම දූෂිත නිලධාරීන්ය. එම නිසා පළමුව කළ යුත්තේ දූෂිත නිලධාරීන්ව එළවා දමා නවක ක්‍රීඩකයන්ගේ විනය සාදා  ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩ ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමයි. එසේ නොකළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් නැත්තටම නැතිවී යෑම කිසිවෙකුටත් වැළකිය නොහැකිය. 

ගයාන් සමරසිංහ

මෙම ලිපිය සම්පූර්ණයෙන්ම උපුටාගැනිම ඉරිදා දිවයින පුවත්පතින්.. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09