ලක්ෂ 05ක වාලම්පුරියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල පොලිසිය විසින්.

සැකකරු 22 හැවිරිදි දියතලාව – කහඹිලිය නව ගම්මානයේ පදිංචිකරුවෙක්.

මෙම වාලම්පුරිය සැකකාර තරුණයා තවත් අයෙකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කෙරුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර, සැකකරු අ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.