ලක්ෂ එකහමාරක් පමණ වටිනා රන් මාලය සොරාගෙන

පයාගල පොලිස් බල ප්‍රදේශයට අයත් ලිබර්ට් මාවත ඔස්සේ ගමන්කල හැකි දියලගොඩ ප්‍රදේශයේ කුඩා වෙළඳ සැලකින් කිසියම් ආහාර වර්ගයක් මිලදී ගන්නා මුවාවෙන් එම වෙළඳසැලේ කාන්තාවගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා රන් දම්වැල කඩා සැකකරුවන් පැමිණි වාහනයෙන් පලා ගොස් ඇතැයි පයාගල පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා අද (20) පැවසීය.

මෙම අතුරු මාර්ගය ඔස්සේ ගමන්කර පලා ගිය වාහනයෙ අංකය පැමිණිලි පාර්ශවය විසින් පොලීසියට ලබා දී ඇති අතර එම වාහන අංකය ඔස්සේ කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ නිවසක ගාල් කර තිබූ වහනයක අංක තහඩුව ගලවා සැකකරුවන් පැමිණි වාහනයේ සවිකර ගෙනැවිත් මෙම රන් මාලය පැහැර ගෙන පලාගොස් ඇති බවයි. සැකකරුවන් සිව් දෙනකු එම වාහනයේ පැමිණඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නැයි පයාගල පොලිසියේ අපරාධ අංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?