ලංවිම නිලධාරිනියකගේ පුද්ගලික ගැටලුවකින් භික්ෂූන්වහන්සේලා පිරිසක් අසරණ වෙයි

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව පිහිටා ඇති ගෝසිංහ වන අරණ භාවනා මධ්‍යස්ථානයේ ස්වාමින්වහන්සේලා පනස්නමකට අධික පිරිසක් භාවනා කටයුතුවල නිරත වනවා.

මෙම භාවනා මධ්‍යස්ථානය සඳහා ඒ ආසන්නයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මඟින් විදුලිය ලබාදී ඇති අතර එලෙස ලබා ගන්නා විදුලියෙහි අඩු ඇම්පියර් ප්‍රමාණයකින් යුත් විදුලි ධාරිතාවයක් පවතින නිසාවෙන් භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් භාවනා මධ්‍යස්ථානයේ එදිනෙදා භාවිතා කරන විදුලි උපකරණ රැසකටද හානි සිදුව ඇති බව භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයට සහ විදුලි බල මහජන කොමිසමට දැනුම් දීමෙන් අනතුරුව රජයෙන් එක්කෝටි තිස් ලක්ෂයක මුදලක් වෙන් කොට නව ට්‍රාන්ස්ෆෝමරයක් භාවනා මධ්‍යස්ථානයේ ආසන්නයේ සවිකර ඇම්පියර් හැටක විදුලි ධාරතාවයක් සහිතව භාවනා මධ්‍යස්ථානයට සහ ගමට විදුලිය ලබාදීම සඳහා වැඩකටයුතු සූදානම්ව කර තිබෙනවා.

කෙසේ වෙතත් නව ට්‍රාන්ස්ෆෝමරය සවි කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබියේදී විදුලි බල මණ්ඩලයේ සම්බන්ධතා බෙදා හැරීම් අංශයේ සේවකාවකගේ පුද්ගලික පලිගැනීමක් ලෙස එම නිලධාරිනිය විසින් මෙම ට්‍රාන්ස්ෆෝමරය භාවනා මධ්‍යස්ථානයට අසළ සවි කිරීමට ඉඩ නොදෙන බව පවසමින් තර්ජනය කළ බව එම භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙනවා.

අදාළ නිලධාරිනියගේ ස්වාමිපුරුෂයා ග්‍රාමීය වැඩසටහක් වන ‘වැව් ගම් පුබුදු වැඩසටහනෙහි එම ගමට අදාළව සේවය කර ඇති අතර ඔහු විසින් සිදු කර තිබෙන ආක්‍රමිතා රජයට දැනුම් දීමෙන් අනතුරුව එම නිලධාරියාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවත් එයට පළිගැනීමක් වශයෙන් අදාළ නිලධාරිනිය මෙලෙස තර්ජනය කළ බවත් භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ වන තෙක් අඩු විදුලි ධාරිතාවයක් යටතේ ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමින් යුත් විදුලි උපකරණ සඳහා අලාභ හානි සිදුව ඇති බැවින් නව ට්‍රාන්ස්ෆෝමරය සවි නොකරන්නේ නම් නැවතත් එසේ වීමට ඉඩ ඇති බවත් උන්වහන්සේලා චෝදනා කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් අදාළ රජයේ නිලධාරින්ගේ අවධානය යොමු කොට භාවනා මධ්‍යස්ථානය සහ ගම්වාසීන්ට සාධාරණයක් ඉටුකර දෙන උන්වහන්සේලා ඉල්ලා සිටිනවා.

  1. අඩු කරන්ට් එකකින් අබලන් වෙන්නෙ මෝටර් වලින් වැඩකරන විදුලි උපකරණ පමණයි. Fridges, airconditioners, fans, water pumps, blenders, grinders, vacuum cleaners.

  2. එම හේතුව මත උපකරණ අක්‍රීයවී ඇත්නම් එතුමන් වහන්සේලාට පොලීසියට දැනුම්දී අධිකරණ ක්‍රියාදාමයකට යන්නට පුළුවන් වෙන්න ඕන. එක නිළධාරියක් කොහොමද ඒක නවත්වන්නෙ. මේ ලංකාවනෙ තවම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14