විදුලි ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙම වසරේ දෙසැම්බර්
මස 06 වැනි දින තෙක් කාලය ලබා දී තිබෙනවා.
මෙම එකඟත්වය මහජන උපයෝගීතා කොමිසම විසින් අද (25) දිනයේ දී ලබාදෙනු ලැබුවා.
ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙම තීරණය ලබා දී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවන්නේ 2025 ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1