කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ගල් මුල් ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (12) රාත්රී 11.30 ට පමණ හලාවත – කොළඹ මාර්ගයේ මාරවිල – හොරගොල්ල ප්රදේශයේදී යි බස් රථයට මෙම ගල් මුල් ප්රහාරය එල්ල වී ඇත්තේ.
ප්රහාරයට ලක්ව ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් බස් රථයක්.
ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක සිටි දෙදෙනෙකු අතරින් එක් අයෙකු තමා පදවමින් සිටි බස් රථයට ගල් ප්රහාරයක් එල්ල කළ බව එහි රියදුරු මාරවිල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ගල් ප්රහාරය හේතුවෙන් බස් රථයේ ඉදිරිපස වා මුවාවට හානි සිදුවී ඇති අතර ප්රහාරය සිදු කළ පුද්ගලයන් කවුරුන් ද යන්න තමා නොදන්නා බවයි පැමිණිලිකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
ගල් ප්රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.
ගල් ප්රහාරය එල්ල කළේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
මේ අතර, පුත්තලම – කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට 12 වෙනිදා දහවල් මීගමුව – තෙල්වත්ත ප්රදේශයේදී පහර දීමක් ද සිදු වී තිබෙනවා.
හලාවත සහ මීගමුව අතර ධාවනය වන පුද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු මෙම පහර දීම සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.













